කෘෂිකාර්මික ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කෙරේ

කෘෂිකාර්මික ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කිරීමට තීන්දුවක්

by Staff writer 22-11-2018 | 9:57 PM
COLOMBO (News 1st) - කෘෂිකාර්මික ආදායම, ආදායම් බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, එය මෙම සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බව ය. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, රජයේ නව තීන්දුව අනුව කෘෂි නිෂ්පාදන සඳහා පසුගිය රජය පනවා තිබූ 14%ක බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව ය. ඊට අමතරව ආදායම මත පනවා තිබූ 0.5%ක බද්ද ද තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා මෙලෙස බදු අඩු කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිව්ස්ෆස්ට් කළ විමසීමකදී සඳහන් කළේ ය.