අමෙරිකානු  අගවිනිසුරුවරයා ජනපති ට්‍රම්ප් හෙළාදකී

අමෙරිකානු අගවිනිසුරු ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය හෙළාදකී

by Staff writer 22-11-2018 | 1:53 PM
අමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබර්ට්ස් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය හෙළා දැක තිබේ. ඒ , අමෙරිකානු ජනාධිපතිවරයා අධිකරණය තීන්දුවක් විවේචනය කිරීමත් සමගයි . අනවසර සංක්‍රමණිකයන්ට එරෙහිව ඔහු ඉදිරිපත් කළ නීතියක් තාවකාලිකව අත්හිටුවමින් ෆෙඩරල් විනිසුරුවරයකු දුන් තීන්දුව එලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්විය. අදාළ තීන්දුව ලබාදුන් විනිසුරුවරයා , හිටපු ජනාධිපති බැරක් ඔබාමාට පක්ෂපාතී අයකු බව ‍ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය. අමෙරිකානු අගවිනිසුරුවරයා ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියාවක් හෙළා දුටු ප්‍රථම අවස්ථාව මෙයයි .