අනුරාධපුර රන්ගිරි උල්පත් ආරණ්‍ය සේනාසනයට ගම්මැද්දෙන් පානීය ජල පහසුකම් ලබා දුන් වගයි

by Staff writer 22-11-2018 | 9:25 PM
COLOMBO (News 1st) - ජන ගැටලු සොයමින් ඒවාට තිරසර විසඳුම් සොයා යන ගම්මැද්ද වැඩ දහසේ තවත් එක් ව්‍යාපෘතියක් අද අනුරාධපුරයේදී ක්‍රියාත්මක කළේ ය. අනුරාධපුර හොරොව්පතාන, රන්ගිරි උල්පත් ආරණ්‍ය සේනාසනය බෞද්ධ මෙන්ම අන්‍යාගමික සැදැහැවතුන් ද ඉතා ගෞරවයෙන් යුතුව වන්දනා කරන ආගමික ස්ථානයකි. නමුත් ආරණ්‍ය සේනාසනයේ වැඩවසන ස්වාමීන් වහන්සේලාට මෙන්ම ආගමික කටයුතු සඳහා ආරණ්‍ය සේනාසනයට පැමිණෙන ජනතාවට පානීය ජලය පමණක් නොව අවම පහසුකම්වත් නොමැති වීම ගැටලුවක් විය. ජලය රැගෙන ඒමට සිදුව තිබුණේ, සේනාසනයේ සිට කිලෝමීටරයක් පමණ දුරකිනි. ගම්මැද්ද මහ ලේකම් කාර්යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඉල් පුර පසළොස්වක පොහෝ දිනය මේ විශේෂ කාර්යය සඳහා වෙන් කර ගැනිණි. සේනාසනයට ජල නළ පද්ධතියක් ඇතුළු පහසුකම් රැසක් සැපයීම අද සිදු කෙරුණේ, හෘද රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රකාශ් ප්‍රියදර්ශන්, නිලංකා ගුණතිලක හා ටෙක්ලා ගුණතිලක යන මහත්ම මහත්මීන්ගේ අනුග්‍රහයෙනි.