Facebook හරහා මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට

Facebook හරහා මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට

by Staff writer 21-11-2018 | 5:40 PM
COLOMBO (News 1st) : ජංගම දුරකථන ලබාදෙන බව පවසා Facebook හරහා මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මීගමුව, ජා-ඇල, කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයින්ට මුදල් වංචා කර ඇති සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි මිගමුව පදිංචිකරුවෙකි. මීගමූව අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.