හෙට පස්වරු 2න් පසු ගිඟුරුම් සහිත වැසි

හෙට පස්වරු 2න් පසු ගිඟුරුම් සහිත වැසි

by Staff writer 21-11-2018 | 5:48 PM
COLOMBO (News 1st) : දිවයිනේ බොහෝ පළාත්වලට හෙට පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර, ඌව පළාත්වලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයටත් හෙට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවයි. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.