රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල නෙළුම් පොකුණේදී

රූපවාහිනී කලා සම්මාන උළෙලේදී News 1st,සිරස, ශක්ති හා TV1 සම්මාන රැසකින් පිදුම් ලබයි

by Staff writer 21-11-2018 | 10:05 PM
COLOMBO (News 1st) : 2018 රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙලේදී News 1st, සිරස TV හා ශක්ති TV සම්මාන රැසකින් පිදුම් ලැබීය. සම්මාන උළෙල මේ වනවිට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේදී පැවැත්වේ. 2018 රාජ්‍ය රූපවාහිනී කලා සම්මාන උළෙල අද පස්වරුවේ ආරම්භ වුණේ, සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පිරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙනි. එහිදී හොඳ ම සංස්කෘතික වැඩසටහන දෙමළ මාධ්‍යයට හිමි සම්මානය News 1st හි ආර්. ගෝකුල්නාත් දිනා ගත්තේ ය. වසරේ හොඳ ම බහුවිධ කැමරා නිෂ්පාදනයට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ සිරස TV ඔස්සේ විකාශය වූ පෙන්ටතලන් ප්‍රශ්න විචාරාත්මක වැඩසහටන වෙනුවෙන් සිරස TVහි පුලිදු මිස්සකයි. සිරස ටීවී ලෝක ජල දිනය වෙනුවෙන් නිර්මාණය කළ පූර්ව ප්‍රචාරක පටය වසරේ විශිෂ්ටතම පුර්ව ප්‍රචාරක පටය ලෙස සම්මාන දීනා ගත්තේ ය. වසරේ විශිෂ්ටතම රූපවාහිනි දෘෂ්‍ය සංකලනය වෙනුවෙන් සිරස TVහි විකාශය වූ ජුනියර් සුපර්ස්ටාර් සම්මානයට පාත්‍ර විය. වසරේ ප්‍රශස්තම සජීවිකරණය වෙනුවෙන් මෙවර රූපවාහිනි කලා රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන දිනා ගැනීමට TV1 හි දිනේෂ් නයනජිත් චන්ද්‍රසේන සමත්විය. සමාජ වගකීම සහිත දැන්වීම සඳහා වූ සම්මානය ශක්ති TVහි ගුඩ්මෝනින් ශ්‍රී ලංකා වැඩසටහනට හිමිවිය.