මිණිබිරිය යොදා හෙරොයින් ජාවාරම් කළ 3ක් අත්අඩංගුවට

මිණිබිරිය යොදා ගනිමින් හෙරොයින් ජාවාරම් කළ කාන්තාවක ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 21-11-2018 | 12:31 PM
COLOMBO (News 1st) - සිය 6 හැවිරිදි මිණිබිරිය යොදා ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ මිත්තණියක් ඇතුළු සැකකාරියන් දෙදෙනෙකු අම්බලන්ගොඩ වෙරළ තීරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් මත සැකකාරියන් ත්‍රිරෝද රථයක යමින් සිටියදී ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් බව ය. සැකකාරියන් සතුව තිබී සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 365කි. සැකකාරියගේ අවුරුදු 06ක් වයසැති මිණිබිරියගේ යට ඇඳුමේ සඟවා තිබී හෙරොයින් පැකට් 8ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාවන් 38 හා 40 හැවිරිදි අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියන් දෙදෙනෙකි. ත්‍රිරෝද රථය පැදවූ රියැදුරා ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.