වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට සහභාගී වෙයි

ධූරයෙන් ඉල්ලා අස්වන බව කියූ වසන්ත සේනානායක කැබිනට් රැස්වීමට සහභාගී වෙයි

by Staff writer 21-11-2018 | 2:17 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව හා බහුතරය පිළිබඳ වාද විවාද මැද අදත් සතියේ කැබිනට් මණ්ඩල හමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. නව කැබිනට් මණ්ඩලය අද රැස්වූයේ දෙවන වරටයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සතියේ කැබිනට් මණ්ඩල හමුව අද පෙරවරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදීයි. සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසමින් පසුගිය දා එක්සත් ජාතික පක්ෂයට සහය පළ කළ සංචාරක හා වනජීවි අමාත්‍ය වසන්ත සේනානායක මහතා ද අද පැවති කැබිනට් රැස්වීමට සහභාගී වූ බව අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසී ය. මේ අතර අද පැවති උත්සවයේදී බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, අතුරු සම්මත ගිණුමක් සැකසීම සඳහා මුදල් අමාත්‍යවරයා කැබිනට් අනුමැතිය ලබාගත් බවයි. බදු පැහැර හරින්නන්ගේ මුදල් ආයෝජනය සඳහා යොමුකරවීමට සහන ලබාදෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසී ය.