කතානායකවරයාගෙන් නිවේදනයක්

කතානායකවරයාගෙන් නිවේදනයක්

by Staff writer 21-11-2018 | 8:06 PM
COLOMBO (News 1st) : මන්ත්‍රීවරුන් 122 ලිඛිතව වත්මන් පාලනයට අභියෝග කර ඇති බැවින් කථානායකවරයා වශයෙන් පාර්ලිමේන්තුවේ බහුතර මතයට කන්දීම පැහැර හැරිය නොහැකි වගකීමක් බව කරු ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, එය පක්ෂග්‍රාහී වීමක් ලෙස හඳුන්වාදෙමින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සිදුකරන පහත් අන්දමේ පරිභව කිරීම් හා විරෝධතා තවදුරටත් නිෂ්ඵල වනු ඇති බවයි. පාර්ලිමේන්තුව තුළ බහුතර මන්ත්‍රී පිරිසකගේ සහය වර්තමාන පාලනයට ඇති බව පැහැදිලි ලෙස ඔප්පුකිරීම උද්ඝෝෂ සහ, විරෝධතාවලට වඩා ඵලදායක වනු ඇතැයි කථානායකවරයා පෙන්වා දෙයි.