කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කර්තෘ Staff writer

21 Nov, 2018 | 4:35 pm

COLOMBO (News 1st) : කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා පෙරවරු 8 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

මේ යටතේ දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ මහරගම, බොරැලැස්ගමුව ඇතුළු ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඊට අමතරව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත – මුල්ලේරියා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර නිවාස සංකීර්ණය ආශ්‍රිත ප්‍රදේශයට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වාර්ෂික නඩත්තු කටයුත්තක් මීට හේතු වී තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]