ඇලෝසියස් – පාලිසේන යළි රිමාන්ඩ්

ඇලෝසියස් – පාලිසේන යළි රිමාන්ඩ්

ඇලෝසියස් – පාලිසේන යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

21 Nov, 2018 | 4:20 pm

COLOMBO (News 1st) : පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පාලිසේන යන මහත්වරුන් ලබන 29 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා මහබැංකු බැඳුම්කර සිද්ධියේදී අයථා ලෙස මුදල් උපයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

එම සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් ඇප ඉල්ලීමක් මේ වනවිටත් සිදු කර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් වාචිකව කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව සැකකරුවන්ගේ නීතිඥවරු අධිකරණයට අද දැනුම් දුන්හ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නේ ඔවුන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඔවුන්ට ඇප දීමේ නීතිමය බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]