ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පැනවූ තහනම තවදුරටත්

ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පැනවූ තහනම තවදුරටත්

by Staff writer 20-11-2018 | 11:26 AM
News 1st : තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පනවා තිබූ තරග තහනම එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දකුණු අප්‍රිකා තරග සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ වරද හේතුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්, හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපු උප නායක ඩේවිඩ් වෝනර්ට එරට ක්‍රිකට් ආයතනය මගින් තරග තහනමක් පැනවීය. ඒ, කැමරන්ට් මාස 9ක් මෙන්ම ස්මිත් සහ වෝනර්ට වසරක කාලයක් ලෙසයි. කෙසේ නමුත් මෙම තහනම සදහා ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය මගින් එරට ක්‍රිකට් ආයතනයට අභියාචනයක් යොමු කළේ ය. නවතම විදෙස් වාර්තා පවසන්නේ මෙම තහනම එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවයි. ඒ අනුව මෙම තහනම අවසන් වන තෙක් ඔවුන්ට එරට අන්තර් සමාජ ක්‍රිකට් තරග සදහා එක්වීමේ අවස්ථාව ද හිමි නොවේ.