ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 20-11-2018 | 6:20 AM

දේශීය පුවත්... 

1. ජනපති හා අගමැති අතර විශේෂ සාකච්ඡාවක් : ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විය. 2. අගමැති ලේකම්ට මූල්‍ය පාලන බලතළ නැහැ… එ.ජා.පයෙන් යෝජනාවක් : අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ජනරජයේ මුදල් පරිහරණය කිරීමට බලයක් නොමැති බවට පූර්ණ යෝජනාවක් අද පස්වරුවේ කථානායකවරයා වෙත භාර දී තිබේ. 3. බෝපේ, පෝද්දල ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි : ගාල්ල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් ඇති විය. පෝද්දල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. 4. හෙට සහ අනිද්දා මුහුදු යෑමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස් : දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. 5. මිනිත්තු 10න් පාර්ලිමේන්තුව අවසන් : අද පස්වරු 1.00ට කැඳවූ පාර්ලිමේන්තුව ලබන 23 වන දා දක්වා කල් තැබී ය. නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුව යළි ලබන 23 වන දා උදෑසන 10.30ට කැඳවන බවයි. 6. පාර්ලිමේන්තුව තුළ සාමකාමීව කටයුතු කිරීම ගැන ජනපතිගෙන් පක්ෂ නායකයින්ට ස්තූතිය…! : පාර්ලිමේන්තුව තුළදී අද දින සාමකාමීව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන පක්ෂ නායකයින්ට සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ස්තූතිය පළ කර තිබේ.

විදෙස් පුවත්....

1. චීන – මාලදිවයින් නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් මාලදිවයින ඉවත්වීමට සැරසෙයි :  චීනය සමග අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ඉවත්වීමට මාලදිවයින් නව රජය සැලසුම් කරන බව මාලදිවයින් පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක මොහොමඩ් නෂීඩ් පවසයි.