by Staff writer 20-11-2018 | 3:50 PM
COLOMBO (News 1st) - කිරින්දට නාවික සැතපුම් 40ක පමණ දුරින් ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටීමෙන් ධීවරයින් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
එහි සෝදිසි මෙහෙයුම් ඒකකයේ අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා සඳහන් කළේ, අද අලුයම 1.30ට පමණ අනතුර සිදුව ඇති බව ය.
අනතුරට ලක්ව ඇත්තේ, පසුගිය 18 වන දා කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය සදෙව් 1 ධීවර යාත්‍රාවයි.
කෙසේ වෙතත් තුවාල ලැබූ ධිවරයින් 5 දෙනා ඒ අසළ තිබූ මධූෂ 2 නමැති ධීවර යාත්‍රාව මගින් බේරා ගෙන ඇතැයි පද්මප්‍රිය තිසේරා මහතා පැවසුවේ ය.
ඔහු සඳහන් කළේ, අනතුරට ලක් වූ සදෙව් 1 නමැති ධීවර යාත්‍රාව මේ වන විට මුහුදු බත් වෙමින් පවතින බව ය.
අනතුරට ලක් වූ ධීවරයින් 5 දෙනා නැවත ගොඩබිමට රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ යාත්‍රාවක් පිටත් කර ඇතැයි පද්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කළේ ය.