English
தமிழ்
කර්තෘ Staff writer
20 Nov, 2018 | 12:06 pm
COLOMBO (News 1st) : එංගලන්තයට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අකිල ධනංජය වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කැඳවා තිබේ.
පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ලබන සිකුරාදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පරීක්ෂණයකට ඉදිරිපත් වීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අකිල ධනංජය අද රාත්රියේදී ඔස්ට්‍රේලියාව බලා පිටත්වීමට නියමිත බවයි.
ඒ අනුව ඔහු වෙනුවට නවක ක්‍රීඩක නිශාන් පීරිස් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන බවට අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි සහ අවසන් තරගය ලබන සිකුරාදා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වීමට නියමිතයි.
28 Aug, 2019 | 12:00 PM
17 Mar, 2019 | 01:02 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS