මුහුදු යෑමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්...

හෙට සහ අනිද්දා මුහුදු යෑමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්...

by Staff writer 19-11-2018 | 5:06 PM

COLOMBO (News 1st) - දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි අඩු පීඩන කලාපයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ ය. මේ හේතුවෙන් මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල හෙට සහ අනිද්දා දිනවල ධීවර කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට උපදෙස් ලබාදී තිබේ. මේ අතර දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.