රට තුළ පවතින අයහපත් දේශපාලන වතාවාරණයෙන් මිදීමට නම් ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුයි..!

by Staff writer 19-11-2018 | 9:30 PM

COLOMBO (News 1st) - රටේ පෙර නොතිබූ ආකාරයට රට දේශපාලන වශයෙන් බෙදී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලින්ද මොරගොඩ මහතා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

ඔහු නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට අවශ්‍ය පියවරගත යුතු බවයි. මිලින්ද මොරගොඩ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, රට තුළ පවතින අයහපත් දේශපාලන වතාවාරණයෙන් මිදීමට නම් ඉතා ඉක්මනින් මැතිවරණයකට යා යුතුව පවතින බවයි. පවතින තත්ත්වය හමුවේ මැතිවරණයක් පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තෝරා ගන්නා මධ්‍යස්ථ අග්‍රාමාත්‍යවරයෙකු හා භාරකාර ආණ්ඩුවක් යටතේ බව ද ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. එසේ, මධ්‍යස්ථ අග්‍රාමාත්‍යවරයෙක් පත්කර ගැනීමට නොහැකි නම් ඒ වෙනුවට සමාජය පිළිගත් පුද්ගලයෙකු මෙම තනතුරට පත් කර ගත යුතු බව ද මිලින්ද මොරගොඩ මහතා පෙන්වාදී තිබේ. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජාතික ලැයිස්තුවෙන් එවන් පුද්ගලයෙකු පාර්ලිමේන්තුවට පත් කර ගැනීමේ හැකියාව පවතින බවයි.