බෝපේ, පෝද්දල ප්‍රාදේශීය සභාව උණුසුම් වෙයි

by Staff writer 19-11-2018 | 5:30 PM

COLOMBO (News 1st) - ගාල්ල, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද උණුසුම් තත්ත්වයක් ඇති විය.

පෝද්දල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි. නමුත් අද සභාපතිවරයාගේ පුටුවේ එක්සත් ජාතික පක්ෂ නායක ප්‍රේමලාල් අබේසිංහ මහතා අසුන් ගත් අතර ඔහුගේ කණ්ඩායම අද සභාවාරයට පැමිණියේ කළු පැහැති ඇඳුම්වලින් සැරසී වීම විශේෂත්වයකි. ඔවුන් පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සහාය දක්වන අතර ඔවුන්ට සභාවේ බහුතරය පවතින බවයි. එම ස්ථානයට පැමිණි ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්රුක් එස්. අබේකෝන් මහතා ඇතුළු කණ්ඩායම සභාපති අසුනේ අසුන්ගත් එක්සත් ජාතික පක්ෂ නායකතුමාව ඔසවාගෙන සභාවෙන් පිටතට රැගෙන ගියේ ය. පසුව සභාපතිවරයා තීරණය කළේ, සභාව පැයක කාලයක් කල් තැබීමටයි. මේ අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාව තුළදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය ද සැමරූහ. නැවත සභාව රැස්වුවත් දෙපිරිස අතර උණුසුම් වාද විවාද මධ්‍යයේ සභාව පැවැත්වූ බව අප වාර්තාකරු පැවසුවේ ය.