පේරු හිටපු ජනපති උරුගුවේ දේශපාලන රැකවරණ පතයි

පේරු හිටපු ජනපති උරුගුවේ දේශපාලන රැකවරණ පතයි

by Staff writer 19-11-2018 | 10:26 AM
COLOMBO (News 1st) : පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලන් ගාසියා උරුගුවේ තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණ පතා තිබේ. ඒ , අල්ලස් සහ දූෂණ චෝදනා එල්ල වූ හිටපු පේරු ජනාධිපතිවරයාට රටින් පිටවීම තහනම් කිරීමට එරට අධිකරණයක් පියවර ගැනීමෙන් පසුවයි. පේරු රාජ්‍යයේ ලීමා අගනුවර උමං දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ රජයේ කොන්ත්‍රාත්තුවක්  ,බ්‍රසීල ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දැවැන්තයකුට ලබා දී ඒ සඳහා අල්ලස් ලබාගැනීම ඇලන් ගාසියා ට එරෙහි චෝදනාවයි. කෙසේ වෙතත් මෙය තමන්ට එරෙහි දේශපාලන කුමන්ත්‍රණයක් බව පවසන හිටපු පේරු ජනාධිපතිවරයා මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේ ය. කෙසේ වෙතත් පේරු හිටපු ජනාධිපතිවරයාට දේශපාලන රැකවරණ ලබාදෙනවා ද යන්න උරුගුවේ රාජ්‍යය මෙතෙක් තහවුරු කර නොමැත.