by Sagarika Chathumali 19-11-2018 | 1:23 PM
COLOMBO (News 1st) : අද පස්වරු 1.00ට කැඳවූ පාර්ලිමේන්තුව ලබන 23 වන දා දක්වා කල් තැබී ය.
නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, පාර්ලිමේන්තුව යළි ලබන 23 වන දා උදෑසන 10.30ට කැඳවන බවයි.
අද පස්වරු 1ට රැස් වූ පාර්ලිමේන්තුව පැවතුණේ විනාඩි 10ක පමණ කෙටි කාලයක් පමණි.
මෙලෙස පාර්ලිමේන්තුව කල් තබා ඇත්තේ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුවක් අනුවයි.
ඒ අනුව අද පැවති රැස්වීමේදී එළැඹි තීරණය පරිදි තේරීම් කාරක සභාවක් පත් කිරීමට තීරණය වූ බවත් ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නියෝජනය වන පරිදි ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ නම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත එවන ලෙස ද දැනුම් දී ඇත.
අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් සඳහන් කළේ, පුළුල් ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව ත් අද දිනයේ ජනමාධ්‍යවේදීන් දැඩි පරීක්ෂාවකට ලක් කළ බව ත් ය.