අක්මීමන පුතෙක් මව් පිය දෙපළ ඝාතනය කරයි

අක්මීමන පුතෙක් මව් පිය දෙපළ ඝාතනය කරයි

by Staff writer 19-11-2018 | 11:07 AM
COLOMBO (News 1st): ගාල්ල අක්මීමන විජයානන්ද මාවතේ , නිවසක් පිටුපස මළ සිරුරු දෙකක් ඇති බවට සැක පිට ප්‍රදේශවාසින් පොලිස් හදිසි ඇමතුම් අශයට දැනුම් දී තිබිණ. ඒ අනුව ක්‍රියාත්මක වූ අක්මීමන පොලිසියේ නිලධාරීන් ඊයේ රාත්‍රීයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම මළ සිරුරු සොයා ගැනීමට නොහැකිව ඇත. නැවත අද උදෑසන කළ සෝදිසි කිරීම්වලදී නිවස පිටුපස සඟවා තිබියදී මළ සිරුර දෙකක් හමුවී ඇත. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 51ක කාන්තාවක් සහ 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මෙම අඹු සැමි යුවළ නිවසේ තනිවම වාසය කර ඇති අතර , ඔවුන්ගේ 31 හැවිරිදි පුත්‍රයා යාබද නිවසක වාසය කර තිබේ. මෙම මරණ සම්බන්ධයෙන් 31 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ.