by Sagarika Chathumali 18-11-2018 | 8:05 PM
COLOMBO (News 1st) : ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සර්ව පාක්ෂික හමුව මීට ටික වේලාවකට පෙර අවසන් විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ යන මහත්වරු ද මෙම හමුවට සහභාගී වූහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඊට සම්බන්ධ පක්ෂ එහිදී පවසා ඇත්තේ, විශ්වාස භංග යෝජනාව නිවැරදි පාර්ලිමේන්තුවේ නිවැරදි ක්‍රියා පටිපාටියට ඉදිරිපත් කළ යුතුව ඇති බවයි.
කෙසේ වෙතත් එක්සත් ජාතික පෙරමුණ අවධාරණය කර සිටියේ, විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමේ ක්‍රමවේද දෙකක් පවතින බව ත් ඉන් එක් ක්‍රමවේදයක් යටතේ එය ඉදිරිපත් කර ඇති බවත් ය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා ප්රකාශ කළේ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් බහුතරයක් සිටින බව ඔප්පු කිරීම සඳහා දිවුරුම් ප්රකාශ 113 ක් ඉදිරිපත් කිරීමට සූදානම් බවය.
ජනපති හමුවෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරුන් පැවසුවේ, හෙට දිනයේ පක්ෂය විසින් හෙට පාර්ලිමේන්තුවට තෙවන වරටත් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව ය.