by Staff writer 18-11-2018 | 1:13 PM
COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සර්ව පාක්ෂික හමුවට සහභාගී නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ඒ බව තහවුරු කළේ ය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් අද පස්වරු 5.00 ට සර්ව පාක්ෂික හමුව පැවැත්වෙන්නේ ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපතිතුමා මෙම හමුව කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇතිවූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණිනි.