"සර්ව පාක්ෂික හමුවට එන්නේ නැහැ..." - කථානායක

BREAKING : "සර්ව පාක්ෂික හමුවට එන්නේ නැහැ..." - කථානායක

by Hashini De Mel 18-11-2018 | 11:40 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික හමුවට කථානායක කරූ ජයසුරිය මහතා සහභාගී නොවන බව වාර්තා වේ.

කථානායක කාර්යාලය ඒ බව නිව්ස්ෆස්ට් කළ විමසීමකදී දැනුම් දුන්නේ ය. මෙහිදී වැඩිදුරටත් කථානායක කාර්යාලය දැනුම් දුන්නේ, පක්ෂ නායක හමුවේදී ගනු ලබන තීරණ කථානායකවරයා වෙත දැනුම් දුන් පසුව ඒ අනුව කටයුතු කරන බවයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින්ට අමතරව කථානායක කරූ ජයසුරිය මහතාට ද ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන ලෙස ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිකුත් කළ නිවේදනයේ දැක්විය. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුව අද සවස 5.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිත වේ.