මොරටුවේ නිවාස දෙකක ගින්නක්

මොරටුවේ නිවාස දෙකක ගින්නක්

by Staff writer 18-11-2018 | 7:35 AM

COLOMBO (News 1st) - මොරටුව, සදහම් මාවතේ නිවාස දෙකක ගින්නක් හටගෙන තිබේ.

මොරටුව ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න මැඩපැවැත්වීම සඳහා සේවා රථ 03 ක් යොමු කර ඇති බවයි. අද අලුයම හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇත. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පළ කරයි.