දිස්ත්‍රික්ක 3කට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමක්..!

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

by Staff writer 18-11-2018 | 11:26 AM

COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට අද රාත්‍රි 8.00 දක්වා නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එහි නාය යෑම් අධ්‍යයන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ සහ පහත හේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට මෙම පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් මෙම පූර්ව නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ගාමිණි තිස්ස මහතා සඳහන් කළේ ය. මේ අතර දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් පළාත්වලට මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි.