ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 18-11-2018 | 6:35 AM

දේශීය පුවත්

1. ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ආණ්ඩු පක්ෂයට අභියෝගයක්: බහුතරය ඇති බව පෙන්වීමට ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 2. මහජන සේවාවන් දුර්වලවීමට ඉඩ නොතබන ලෙසට ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්: රාජ්‍ය අංශයේ කටයුතු සහ මහජන සේවාවන් කිසිදු අවස්ථාවක දුර්වලවීමට ඉඩ නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේ, රට තුළ පවතින දේශපාලන ගැටලුකාරී තත්ත්වය ඉදිරියේදී නිරාකරණය වනු ඇති බවයි. 3. කැලණිවැලි මාර්ගයට නව දුම්රියක්: නවීකරණය කරන ලද මැදිරි 5 කින් යුත් දුම්රියක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කර තිබේ. 4. අගමැති හා සන්ධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක්: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. 5. “පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනල්ලා නැහැ” – එස්. බී. කියයි: පාර්ලිමේන්තුවේදී සන්ධාන මන්ත්‍රීවරුන් විසින් පොලිස් නිලධාරීන්ට සහ මන්ත්‍රීවරුන්ට මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමති එස්. බී. දිසානායක මාධ්‍යට ප්‍රකාශයක් කර තිබේ.

විදෙස් පුවත්

6. මාලදිවයින් නව ජනපති දිවුරුම් දෙයි: මාලදිවයින් නව ජනාධිපතිවරයා ලෙස ඊබ්‍රාහිම් මෝහොමඩ් සෝලි ඊයේ දිවුරුම්දී තිබේ.