කරන්දෙණියේ සිසුවෙකු දිය රකුසාට බිලිවෙයි

කරන්දෙණියේ සිසුවෙකු දිය රකුසාට බිලිවෙයි

by Staff writer 18-11-2018 | 8:43 AM

COLOMBO (News 1st) - කරන්දෙණිය, රන්දෙණිගම වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 16 හැවිරිදි කරන්දෙණිය පදිංචිකරුවෙකි. මෘත ශරීරය බොරකන්ද රෝහලේ තැන්පත් කර ඇත. මේ අතර බුලත්කොහුපිටිය, රංගල්ල නලගන ඇල්ල නැරඹීමට ගිය තරුණයෙකු ජලයට වැටීමෙන් අතුරුදන්ව ඇත. අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක් ව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ 22 හැවිරිදි ගොමාඩුව, යටියන්තොට පදිංචිකරුවෙකි.