අද ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

අද ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

by Staff writer 18-11-2018 | 6:15 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් අද සර්ව පාක්ෂික හමුවක් පැවැත්වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද පස්වරු 5.00 ට ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වීමට නියමිත බවයි. ජනාධිපතිතුමා මෙම හමුව කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇතිවූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණිනි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට සහ කථානායක කරූ ජයසුරිය මහතාට ඒ සඳහා පැමිණෙන්නැයි ආරාධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.