‘පිහූ’ දිනක් තුළ ලක්ෂ 45 ක ආදායමක්

‘පිහූ’ දිනක් තුළ ලක්ෂ 45 ක ආදායමක්

‘පිහූ’ දිනක් තුළ ලක්ෂ 45 ක ආදායමක්

කර්තෘ Staff writer

18 Nov, 2018 | 9:37 am

විනෝද් කපාරීගේ පිහූ සිනමා පටය තිරගතවීම් ආරම්භ කර දිනක් ඇතුළත ඉන්දීය රුපියල් ලක්ෂ 45 ක ආදායමක් උපයා තිබේ.

මෙම සිනමා පටය නිර්මාණය වී ඇත්තේ කුඩා දැරියකගේ ජීවන චර්යාවන් ඇසුරිනි.

එහි පිහූ නමැති චරිතය නිරූපණය කරන දැරියගේ සැබෑ නම පිහූවීම ද විශේෂත්වයකි.

මෙම සිනමා පටය සිනමා කේෂත්‍රයට විශේෂ වන්නේ එක් චරිතයක් වටා පමණක් එය නිර්මාණය වීම හේතුවෙන් ය.

මීට පෙර එක් චරිතයක් සහිත බොලිවුඩ් සිනමා පටයක් නිර්මාණය වූයේ 1964 වසරේදීයි.

සුනිල් දත් අධ්‍යක්ෂණය කළ එම සිනමා පටය නම්කර තිබුණේ යාදෙයින් ලෙසයි.