හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක්

CH පැරදු හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක්

by Staff writer 17-11-2018 | 12:15 PM

COLOMBO (News 1st) - අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH & FC කණ්ඩායම සමග පැවැති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම ජය ගෙන තිබේ.

හැව්ලොක් - CH & FC කණ්ඩායම් අතර තරගය කොළඹ හැව්ලොක් පිටියේදී පැවත්විය. රාත්‍රි තරගයක් වූ මෙහි ආරම්භයේදී වැඩි දක්ෂතා දැක්වූයේ CH & FC කණ්ඩායමයි. ඔවුන් ලකුණු 16ට 13ක් ලෙස එම අර්ධයේදී පෙරමුණ ගෙන තිබේ. කෙසේ නමුත් තියුණු තරගයකින් අනතුරුව දෙවැනි අර්ධයේදී ලකුණු අතරට පිවිසීමට සත්කාරක හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය. ඒ අනුව හැව්ලොක් ක්‍රීඩකයින් දෙවැනි අර්ධයේදී තව ත් ලකුණු 17 ක් රැස් කළ අතර ප්‍රතිවාදී CH & FC කණ්ඩායමට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 13 ක් පමණි. තරගය අවසන් වූයේ ලකුණු 30 ට 29 ක් ලෙස හැව්ලොක් කණ්ඩායමට ජය හිමිකර දෙමින් ය. උත්සාහක දිනුම් 4 ක් ප්‍රවර්ථන 2 ක් සහ දඬුවම් පහර 2 ක් මගින් හැව්ලොක් කණ්ඩායම සිය ලකුණු 30 රැස් කර තිබේ.