"බලහත්කාරයෙන් තමා පළවා හරින්න බැහැ" - අගමැති

වත්මන් පාර්ලිමේන්තුව පිළිබඳ අගමැති මහින්දගේ අදහස....

by Staff writer 17-11-2018 | 7:13 AM

COLOMBO (News 1st) - බලහත්කාරයෙන් තමා පළවා හැරීමට නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ, ඊයේ පස්වරුවේ වීරකැටිය කසාගල පුරාණ විහාරයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි. මේ අතර අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුකූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ ක්‍රියාමාර්ග 12 ක් සඳහන් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ 2018 අප්‍රේල් මාසයේදී හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ඉදිරිපත් කළ ආකාරයටම එම විශ්වාසභංගය ඉදිරිපත් කළ යුතුව ඇති බවයි.