ලක්ෂ 12 කට අධික මත්පෙති සමග තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 12 කට අධික මත්පෙති තොගයක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 17-11-2018 | 11:00 AM

COLOMBO (News 1st) - රුපියල් ලක්ෂ 12 කට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී සොයා ගෙන ඇති ඇපල් මත්පෙති සංඛ්‍යාව 4000 කට අධිකයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22, 48 හා 37 හැවිරිදි රාගම හා කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් ය. සැකකරුවන් අද මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.