රත්‍රං තොගයක් ගෙනා සිංගප්පුරු ජාතිකයා කොටුවෙයි

රුපියල් මිලියන 43 ක් වටිනා රත්‍රං තොගයක් ගෙනා සිංගප්පුරු ජාතිකයෙකු කොටුවෙයි

by Staff writer 17-11-2018 | 8:06 AM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 43 කට අධික වටිනාකමින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සිංගප්පුරුවේ සිට පැමිණි සිංගප්පුරු ජාතිකයෙකි. සැකකරු සන්තකයේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් 7 යි ග්‍රෑම් 200 ක් සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ, රත්‍රං තොගය සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රේගුව වෙත භාරදුන් බවයි.