කඩුලු 3 ක් ඇතැතිව ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ඉලක්කයක්

දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට කඩුලු 3 ක් ඇතැතිව සිටින ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ඉලක්කයක්

by Staff writer 17-11-2018 | 6:37 PM

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වැනි දිනටත් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විය.

අද දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් අතැතිව පසුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 75 කි. සිව් වැනි දිනයට තරගය අද ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 9 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 324 කි. එංගලන්ත ක්‍රීඩකයින් දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 346 ක් රැස් කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 301 ක්. 19 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ දිමුත් කරුණාරත්න ලකුණු 57 යි. ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් දිවියේ 32 වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 88 ක් රැස් කළේ ය. ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 226 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ශාවෙන් බාධා එල්ල විණි.