දිවයින් පුරා යළි ත් වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයින් පුරා යළි ත් වැසි තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 17-11-2018 | 7:40 AM

COLOMBO (News 1st) - දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා පැවසුවේ, අද දිනයේත් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බවයි. මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2793 දෙනෙකු පීඩාවට පත් ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, ඒ අතර පවුල් 770 ක් වන බවය. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසුවේ ග්‍රාම සේවක වාර්තා අනුව පීඩාවට පත් පිරිස සඳහා සහන සළසන බවයි.