ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 17-11-2018 | 6:48 AM

දේශීය පුවත්

1. රනිල් වික්‍රමසිංහව යළි අගමැති ධූරයට පත් කරන්නේ නැහැ – ජනපති ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමට කියයි: කවර හේතුවක් නිසාවත් රනිල් වික්‍රමසිංහ මහතාව නැවතත් අගමැති ධූරයට පත් නොකරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ ය. 2. පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් පහරදීම් - පොලිස් නිලධාරීන්ටත් මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක්: පාර්ලිමේන්තුව ඊයේ පස්වරු 1.30 ට රැස්වීමට නියමිතව තිබිණි. නමුත් ඊට පෙර කථානායක අසුනේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අසුන් ගත් අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු ඒ වටා රැස්වී විරෝධතාවක් ආරම්භ කළහ. පසුව සන්ධාන මන්ත්‍රීවරුන් විසින් පොලිස් නිලධාරීන්ට ද පහරදීම් කළ අතර මිරිස් කුඩු මිශ්‍ර ජල ප්‍රහාරයක් ද එල්ල කළේ ය. 3. තර්ජන, ගර්ජන හමුවේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වෙනවා – කථානායක: කවර තර්ජන, ගර්ජන, බාධා කිරීම් හමුවේ වුවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැපවන බව කථානායක කරූ ජයසූරිය මහතා පවසයි. 4. කිසිදු හේතුවක් මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හෝ සැසිවාරය කල් තැබීමක් සිදු නොකරන බව ජනපති කියයි: පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 5. මහින්ද රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාව අදත් සම්මත කර ගනී: ඔක්තෝබර් 26 වන දා හෝ ඉන් පසුව හෝ පත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩලය කෙරෙහි විශ්වාසයක් නොමැති බවට වූ යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. 6. මල්වතු මහ නාහිමිගෙන් ජනපතිට ලිපියක්, ස්ථිර ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව අවධාරණය කරයි: පවතින දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තුව රැස්කර කඩිනම් තීරණයක් ගන්නැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

විදෙස් පුවත්

7. තෙරේසා මේට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සූදානමක්: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කන්සවේටිව් පක්ෂය සූදානම් වේ.