by Staff writer 17-11-2018 | 3:12 PM
COLOMBO (News 1st) - නවකයින් තම ගීත ගායනා කිරීමට එරෙහිව අධිකරණයට නොයා යුතු බව ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය පවසයි.
නිව්ස්ෆස්ට් සමග සංවාදයකට එක්වෙමින් ඇය සඳහන් කළේ, මුල් ගායකයා ගීතය වෙනුවෙන් ලබාගත් ජයප්‍රියත්වය කිසිවෙකුටත් ලබාගත නොහැකි බවයි.
නවකයින් ගායනා කරන සියලු ගීත තමා රස විඳින බව ද ඇය පැවසුවාය.
ඉදිරියේදී සිය ගීත නිර්මාණය කිහිපයක් රසිකයින් වෙනුවෙන් තිළිණ කිරීමට සුදානම් බව ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මිය සඳහන් කළාය.