කැලණිවැලි මාර්ගයට නව දුම්රියක්

කැලණිවැලි මාර්ගයට නව දුම්රියක්

by Staff writer 17-11-2018 | 2:19 PM

COLOMBO (News 1st) - නවීකරණය කරන ලද මැදිරි 5 කින් යුත් දුම්රියක් අද සිට කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කර තිබේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ, එම දුම්රිය අද පස්වරු 4.00 ට කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනයවීමට නියමිත බවයි. දුම්රිය මැදිරි නවීකරණයට වැය වී ඇති මුදල රුපියල් මිලියන 70 කි.