රාගම සහ ජාඇල අතර දුම්රිය ධාවනය සීමා කෙරේ...

අද රාත්‍රියේ රාගම සහ ජාඇල අතර දුම්රිය ධාවනය සීමා කෙරේ

by Staff writer 17-11-2018 | 10:47 AM

COLOMBO (News 1st) - අද රාත්‍රි 10.00 සිට හෙට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා පුත්තලම මාර්ගයේ රාගම සහ ජාඇල අතර දුම්රිය ධාවනය සිදු නොකරන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

ඒ, රාගම සහ ජාඇල අතර දුම්රිය මාර්ගයේ දෙපස සිදු කරන අත්‍යවශ්‍ය ජල නඩත්තු ව්‍යාපෘතියක් හේතුවෙන් ය. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ කාලය තුළ ජාඇල සහ පුත්තලම අතර පමණක් දුම්රිය ධාවනය සිදු කරන බවයි.