IOC සමාගමත් පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි

IOC සමාගමත් පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි

IOC සමාගමත් පෙට්‍රල් හා ඩීසල් මිල පහත දමයි

කර්තෘ Staff writer

16 Nov, 2018 | 7:08 am

COLOMBO (News 1st) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල පහළ දැමීමට සාපේක්ෂව IOC සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහළ දමා තිබේ.

ඒ අනූව ඔටෝ ඩීසල් ලීටරයක මිල පහළ දමා ඇත්තේ රුපියල් 7 කිනි.

IOC සමාගම සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් පහළ දමා ඇත.

ඔක්ටේන් 92 වර්ගයේ සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් පහළ දමා ඇතැයි IOC සමාගම ප්‍රකාශ කළේ ය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහත දැමුවේ ය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, මේ යටතේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල්, ඔටෝ ඩීසල් මෙන් ම සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් පහත දමන බවයි.

ඒ අනූව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140 ක් වනු ඇති.

මිල පහත දැමීමත් සමග ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164 ක් වනු ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 111 කි.

මේ යටතේ සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 136 ක් දක්වා පහළ දමා තිබ්.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]