වැලිගමදී 7 හැවිරිදි දැරියක් ලොරියකට බිලිවෙයි

වැලිගමදී 7 හැවිරිදි දැරියක් ලොරියකට බිලිවෙයි

by Staff writer 16-11-2018 | 11:43 AM

COLOMBO (News 1st) - අකුරැස්ස - වැලිගම මාර්ගයේ දෙණිපිටිය මදුරාගොඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් 7 හැවිරිදි දැරියක් එම ස්ථානයේම මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පදික දැරිය ලොරි රථයක ගැටීමෙන් මියගොස් ඇති බවයි. මෙලෙස මිය ගියේ වැලිගම කණිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දැරියකි. ඊයේ පස්වරුවේ ෆයිල් කවරයක් මිලට ගැනීම සඳහා වෙළෙඳසැලට ගිය අවස්ථාවේ ඇය මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පැවාය. අනතුරින් පසු ප්‍රදේශවාසීන් ලොරි රථයට හානිකර තිබේ. අනතුර සිදු කළ ලොරි රථයේ රියැදුරු එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර පසුව ඔහු වැලිගම පොලීසියට භාරවී ඇත. අනතුර හේතුවෙන් වැලිගම - අකුරැස්ස මාර්ගයේ පැය තුනක පමණ කාලයක ගමනාගමන කටයුතුවලට බලපෑම් එල්ල වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.