පොලිස්පතිගෙන් පොලිස් නිලධාරීන්ට උපදෙස්..!

රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

by Staff writer 16-11-2018 | 6:26 AM

COLOMBO (News 1st) - රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු සියලු පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, පවතින දේශපාලන ව්‍යාකූලතාව මත පොලිස්පතිවරයා විසින් එම උපදෙස් ලබා දී ඇති බවයි. මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සුළු සිදුවීම් කිහිපයක් පමණක් වාර්තා වන බව ද ඔහු සඳහන් කළේ ය.