by Hashini De Mel 16-11-2018 | 2:14 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව අද පස්වරු 1.30 ට ඇරඹීමට නියමිත වූව ද මේ වන තුරු පාර්ලිමේන්තු කටයුතු නිල වශයෙන් ආරම්භ කර නැත.
මේ වන විට පාර්ලිමේන්තු සභාවේ කථානායක පුටුවේ මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු අසුන් ගෙන සිටි.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා විරෝධතාවයක යෙදෙනු ඇත.