by Staff writer 16-11-2018 | 5:16 PM
COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශ්වාසභංගය පරාජයට පත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය ඇතුළු හවුල්කාර පක්ෂ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමරයක් තුළ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ය.
අද පැවති විශ්වාසභංග යෝජනාව සඳහා වූ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව පැවති බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී සඳහන් කළේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ, නව අගමැතිවරයෙකු සහ කැබිනට් මණ්ඩලයක් ගැසට් කිරීමට සුදුසු කාලය මෙය බව ය.