ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වෙනවා

තර්ජන, ගර්ජන හමුවේ වුවද ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැප වෙනවා - කථානායක

by Staff writer 16-11-2018 | 9:03 PM
COLOMBO (News 1st) - කවර තර්ජන, ගර්ජන, බාධා කිරීම් හමුවේ වුවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැපවන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් කථානායක මාධ්‍ය ඒකකය පවසන්නේ, මාතෘ භූමියට ආදරය කරන, වගකිව යුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙස තමන් රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.