ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 16-11-2018 | 6:59 AM

දේශීය පුවත්

1. බහුතරය නියමානුකූලව පෙන්වන්න - ජනපති පක්ෂ නායකයින්ට දන්වයි: කථානායකවරයා, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව එම පක්ෂ නායකයන් ජනාධිපතිතුමාට පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබේ. 2. පෙට්‍රල් හා ඩීසල් මිල පහළට: ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහත දමා තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, මේ යටතේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල්, ඔටෝ ඩීසල් මෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් පහත දමන බවයි. 3. එක්සත් ජාතික පෙරමුණෙන් විරෝධතා රැළියක්: අග්‍රාමාත්‍යවරයාට හා පවතින ආණ්ඩුවට විරෝධතාව දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් විරෝධතා රැළියක් ඊයේ පැවැත්විය. 4. කථානායකගෙන් ජනපතිට පිළිතුරු ලිපියක්: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් ජනපතිට යවා තිබේ. 5. අගමැතිකම මට ලොකු නැහැ – මහින්ද රාජපක්ෂ: අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය. මෙහිදී පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, පැවති ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් තමාට අගමැති ධූරය භාර ගන්නා ලෙස ඇරයුම් කළ බවයි.

විදෙස් පුවත්

6. වසර 25කින් පසු අඟහරු මත මිනිසුන්ට පා තැබිය හැකි බවට අනාවැකි: වසර 25කින් පසු අඟහරු ග්‍රහයා මත මිනිසුන්ට පා තැබිය හැකි වනු ඇතැයි නාසා ආයතනයේ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. කෙසේ වෙතත් ඔවුන් පෙන්වා දෙන්නේ, ඒ සඳහා සුදුසු පරිසරයක් අඟහරු ග්‍රහයා මත ඇති කිරීමට තාක්ෂණික සහ වෛද්‍යමය බාධක ගණනාවක් ජය ගත යුතු බව ය.