උතුරු පළාතේ සියලු පාසල්වලට අද නිවාඩු

'ගජ' සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල්වලට අද නිවාඩු

by Staff writer 16-11-2018 | 10:40 AM

COLOMBO (News 1st) - ගජ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ සියලු පාසල්වලට අද නිවාඩු ලබාදී තිබේ.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය සඳහන් කළේ, ඒ පිළිබඳව විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි. ගජ සුළි කුණාටුව අද අලුයම තමිල්නාඩු සහ පුදුචේරි වෙරළ තීරයෙන් ඉන්දියාවට ඇතුළු විය. ඉදිරි පැය 6 තුළ එය දුර්වල වෙමින් බටහිර දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි බලපෑමෙන් උතුර, උතුරු මැද පළාත්වලටත්, පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් උදෑසන කාලයේ තද වැසි සහ සුළං අපේක්ෂා කළ හැකියි. යාපනය අර්ධ ද්වීපයට සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කයට මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි වනු ඇත.