by Staff writer 16-11-2018 | 8:56 PM
COLOMBO (News 1st) - පාර්ලිමේන්තුවේ වර්තමාන සැසිවාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද පස්වරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ආරක්ෂා කරන ලෙස ය.