ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක්

මන්නාරම සිට කන්සන්තුරේ දක්වා ජනතාවට වෙරළ තීරය භාවිතයෙන් වළකින්නැයි, දැනුම්දීමක්

by Sagarika Chathumali 15-11-2018 | 5:09 PM
COLOMBO (News 1st) : මන්නාරම සිට කන්සන්තුරේ දක්වා වෙරළාසන්න ජීවත්වන ජනතාවට වෙරළ කලාපවලින් ඉවත්ව සිටින ලෙසත් වෙරළ තීරය භාවිත කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටි. මන්නාරම සිට කන්සන්තුරේ දක්වා වෙරළාසන්න ජීවත්වන ජනතාවට වෙරළ කලාපවලින් ඉවත්ව සිටින ලෙසත් වෙරළ තීරය භාවිත කිරීමෙන් වළකින ලෙසත් ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ගජ සුළි කුණාටුවේ බලපෑමෙන් අදාළ ප්‍රදේශයේ වරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට වීමේ අවදානයක් පවතින බවයි. ගජ සුළි කුණාටුව මේ වනවිට කන්කසන්තුරේට කිලෝ මීටර් 325ක් දුරින් මධ්‍යම බෙංගාල බොක්කේ සක්‍රියව පවතින බව ත් ඒ අනුව යාපනය හා අවට ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 150 ඉක්ම වූ ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ගජ සුළි කුණාටුවේ බලපෑමෙන් මන්නාරම, පුත්තලම, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චිය, වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලට පැයට කිලෝමීටර් 80ක් දක්වා තද සුළං ඇති විය හැකි බවයි. තද සුළඟින් ඇති වන අනතුරුවලින් ආරක්ෂා වන ලෙසත් යාපනය අර්ධද්වීපයේ ප්‍රජාව ධීවර හා නාවික කටයුතුවලින් ඉවත්ව සිටින ලෙසත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටී. [audio mp3="https://www.newsfirst.lk/sinhala/wp-content/uploads/2018/11/recording-20181115-161913-online-audio-converter.com_-1.mp3"][/audio]